Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 30, 2017

ජෝර්ජ් කුමරුට IS තර්ජන

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරුගේ වැඩිමහල් පුතු වන ජෝර්ජ් කුමරු IS ත්‍රස්තයින්ගේ ඉලක්කයක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය රජපවුල පිළිබඳ ඉඟි කරන පණිවිඩ කිහිපයක් රහස්‍ය පණිවිඩ යැවීමට යොදාගන්නා ටෙලිග්‍රෑම් ඇප් සේවයෙන් හමුවී ඇතැයි ඔවුන් සඳහන් කරයි.

එන්ක්‍රිප්ට් කරන ලද පණිවිඩ යැවිය හැකිවීම හා පණිවිඩ යවන්නා ගේ ස්ථානය රහස්‍යබව සුරුකීම හේතුවෙන් IS සංවිධානය විසින් මෙම ඇප් මෘදුකාංගය ඔස්සේ සන්නිවේදනය කිරීමට ප්‍රිය කරයි.

මෙවැනි එක් IS පණිවිඩ ජාලයක සිය පාසැල අසල සිටින සිවු හැවිරිදි ජෝර්ජ් කුමරු ගේ ඡායාරූපයක් ද එක්කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමිකම් කියන්නන් අතරින් ජොර්ජ් කුමරු සිටින්නේ තෙවැනි ස්ථානයේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top