Nov 02, 2017

ට්‍රම්ප්, ග්‍රීන් කාඩ් අහෝසි කරන්න යයි

ඇමෙරිකාවට සංක්‍රමණය කිරීමට අවස්ථාව ලබාදෙන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන අහෝසි කිරීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (01) දින වොෂිංටනයේදී මාධ්‍යවේදීන් හා අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

මේ වෙනුවට ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන අහෝසි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ආරම්භ කිරීමට වහාම කටයුතු කරන මෙන් කොංග්‍රසයට පවසන බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.

පෙරේදා දින නිව් යෝක් නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ. මෙම ප්‍රහාරයේ සැකකරග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන යටතේ ඇමෙරිකාවට සංක්‍රමණය කළ උස්බෙකිස්තාන් ජාතිකයෙකු බව මේ වන විට හෙළිරදව් වී තිබේ.

මෙම ග්‍රීන්කාඩ් වැඩසටහන ශ්‍රී ලංකාව සඳහාද විවෘතව පවතී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top