Nov 02, 2017

රූරැජින ජාතික කෑම ඇඳගනියි

ජාත්‍යන්තර රූරැජින තරගාවලි වලදී සම්ප්‍රදායික ඇඳුම් අංගය සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මේ මාසයේදී ඇමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජින තරගාවලියේදී මැලේසියාව නියෝජනය කරන සමන්තා කේටී ජේම්ස් මේදින වල පුවත් සිරස්තල බවට පත්වී ඇත්තේද මේ හේතුව නිසාවෙනි.

එම තරගාවලියේ සම්ප්‍රදායික ඇඳුම් අංගය සඳහා නිර්මාණය වූ ඇගේ ඇඳුම පසුගියදා එළිදැක්වුණු අතර, මෙහි විශේෂත්වය වූයේ එය මැලේසියාවේ ජාතික කෑම වර්ගයක් වන ‘නාසි ලෙමක්’ (nasi lemak) ඇසුරෙන් නිර්මාණය වී තිබීමයි.

Nasilemak
‘නාසි ලෙමක්’

‘නාසි ලෙමක්’යනු පොල්කිරි වලින් පිසිනු ලැබූ බතක් වන අතර, බදින ලද බිත්තරයක් හා හාල්මැස්සන්, පිපිඤ්ඤා පෙති කිහිපයක්, රටකජු හා සම්බෝල සමග අනුභව කරනු ලැබේ. සාමාන්‍යයෙන් කෙසෙල් කොළ වල ඔතනු ලබන ‘නාසි ලෙමක්’ මැලේසියානු ජාතිකයන් විසින් උදෑසන ආහාරය සඳහා ගනියි.

එරට දේශීය මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන බ්‍රයන් කූ විසින් නිර්මාණය කර ඇති මෙම ඇඳුම පසුගිය අඟහරුවාදා දින එළිදැක්වුණු අතර, ජේම්ස් මෙනෙවිය විසින් මෙම ගවුම ප්‍රදර්ශනය කළ අයුරු පහත දැක්වේ.

weardress

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top