Nov 07, 2017

ඇමෙරිකාවටත් වඩා පරණ සෝස්, ට්‍රම්ප් ට දෙයි (ඡායා)

අද (07) දිනයේදී දී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වන දකුණු කොරියාවේ රාජ්‍ය භෝජන සංග්‍රහයට ඇමෙරිකාවටත් වඩා පැරණි විශේෂ සෝස් වර්ගයක් ඇතුළත් වනු ඇති බව වාර්තා වේ.

හරක් මස් වලින් සෑදූ ආහාරයක් සමග අනුභව කිරීමට නියමිත මෙම සෝයා සෝස්, වසර 360ක් පැරණි බවත් එය 1657දී නිෂ්පාදනය කර ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයන්ගෙන් අයෙක් ලෙස සැලකෙන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ගේ පියා ගේ උපන් වර්ෂය ද 1657 වේ.

සෝයා සෝස් වැනි පැසවනු ලැබූ ආහාර වර්ග (fermented foods) සඳහා දකුණු කොරියාවේ ඉහළ ඉල්ලුමක් පවතින අතර, ශතවර්ෂ ගණන් පැරණි මෙවැනි ආහාර වර්ග අලෙවි වන්නේ ඉතා ඉහළ මිලකටය.

වසර 2012 දී ආහාර සැනකෙළියකදී වසර 450ක් පැරණි සෝයා සෝස් නිෂ්පාදනයක් ප්‍රදර්ශනය වූ අතර, එහි මිල වොන් මිලියන 100ක් ලෙස සටහන් කර තිබුණි.

ට්‍රම්ප් ජනපතිවරයා වෙත ලබා දෙනු ඇති බවට පැවසෙන ආහාර වේලේ ඡායාරූප මෙසේය.

(මූලාශ්‍රය / ඡායා :AFP පුවත් සේවය ඇසුරෙනි)

8709cb4a64724f19cddeb2ae6e9e19bcd2247b53

a7abee28a14c2bffc5e8aaf749a8996bbf7e96f3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top