Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 13, 2017

ඉරාන - ඉරාක භූකම්පනය 100කට වඩා බිලිගනී

ඉරාන - ඉරාක උතුරු දේශසීමා ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.3ක අගයක් ගන්නා අතර, මෙහි කම්පන තුර්කියට, ඊශ්‍රායලයට හා කුවේටයට පවා දැනී තිබේ.
 
ඉරානයේ කර්මන්ශාහ් ප්‍රදේශයෙන් මරණ 129ක් වාර්තා වන අතර, ඉරාකයෙන් මරණ 4ක් වාර්තා වේ. ජීවිත හානි ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
 
විපතට පත්වූවන් බේරාගැනීමට කටයුතු කරන සහන කණ්ඩායම් වලට නායයාම් වලින් බාධා පැමිණ ඇතැයි ද ඒජන්සි වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top