Nov 14, 2017

ඉරාන-ඉරාක භූකම්පනය, 2017 දරුණුම භූකම්පනයයි

ඉරානය සහ ඉරාකය අතර උතුරු දේශසීමා කලාපයේ ඊයේ (13) හටගත් දරුණු භූමිකම්පාව, 2017දී මේ දක්වා වාර්තා වූ දරුණුම භුකම්පනය බව පැවසේ.
 
රිච්ටර් මාපක 7.3 ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූමිකම්පාව හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 400 ඉක්මවන අතර, තුවාල ලබා ඇකි පිරිස 7,000කි.
 
ඉරානයේ වෙනත් ප්‍රදේශවලදී තවත් හත්දෙනෙකු මියගොස් තිබේ.
 
භූමිකම්පාවෙන් අනතුරුව 70,000 ක පිරිසකට උන් හිටි තැන් අහිමි වී ඇති බව ඉරානයේ ආධාර ආයතනයක් පවසයි.
 
භූමිකම්පාවෙන් වැඩිම පිරිස මරුමුවට පත් වූ බටහිර ඉරානයේ කර්මන්ෂා (Kermanshah) ප්‍රාන්තයේ දැන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබේ. 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top