Nov 14, 2017

මිදි වයින් අතීතය ජෝජියාවෙන් මතුවෙයි

ලොව පැරණිම මිදි වයින් සෑදීමේ සාක්ෂි ජෝජියාවෙන් හමුවී ඇතැයි වාර්තා වේ.
 
ජෝජියාවේ ටිබිලිසි අගනුවරට කි.මී. 50ක් පමණ දකුණින් පිහිටි ගම්මාන වලින් වයින් දමන ලද මැටි බඳුන් කැබලි හමු වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
 
මෙම බැඳුන් කැබලි අවු. 8,000ක් පමණ පැරණි බවත් ඇතැම් කැබලි වල මිදි හා නර්තනයක යෙදෙන මිනිසෙකුගේ රූප ඇති බවත් පැවසේ.
 
අතීතයේ මිදි වයින් නිපදවූ බවට පැරණිම සාක්ෂි ලෙස මීට කලින් නම් කර තිබුණේ වයඹ දිග ඉරානයෙන් හමුවූ මැටි බඳුන් කොටස් ය. ඒවා අවු. 7,000ක් පමණ පැරණි බව විද්‍යාඥයන් නිගමනය කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top