15976 BM WEB BANNER 01
Nov 16, 2017

මුගාබේ තවමත් නිවාස අඩස්සියේ

සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් තවමත් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බව වාර්තාවේ.

එරට පාලන බලය අත්පත් කරගැනීමෙන් පසුව හමුදාව විසින් මීළඟට ගනු ඇති පියවර පිළිබඳව සිම්බාබ්වේ වැසියන් විමසිල්ලෙන් පසුවෙයි.

වසර ගණනාවක් පුරාවට මුගාබේ ගේ පවුලට සමීප කතෝලික පියතුමෙකු විසින් හමුදාව සමග මේ සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹීමට කටයුතු කරන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දේශපාලන පක්ෂ හා හමුදාව හා සාකච්ඡා කිරීමට දකුණු අප්‍රිකානු අමාත්‍යවරුන් හරාරේ අගනුවරට ගොස් ඇතැයි වාර්තා වේ.

මේ වන විට 93 වියේ පසුවන මුගාබේ, 1980 සිට එරට පාලනය කරන නමුත්, පසුගිය කාලයේ දී ඔහු ගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ හා ඇගේ තරගකරු වන හිටපු උප ජනපති Emmerson Mnangagwa අතර පැවති බල අරගලය හේතුවෙන් පසුගිය කාලයේදී පාලක සානු-පීඑෆ් පක්ෂය දෙකඩ විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top