Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 17, 2017

වෙලාවට කලින් පිටත් වුනාට සමාව ඉල්ලයි

සාමාන්‍යයෙන් දුම්රිය ගමන් වේලාවල් ගත් කල්හි වැඩිපුරම වාර්තා වන්නේ ප්‍රමාද දෝෂයන් ය.

එහෙත්,නියමිත කාලයට තත්පර කිහිපයකට පෙර පිටත් වූ දුම්රියක් හේතුවෙන් සමාව අයැදූ සමාගමක් පිළිබඳව ජපානයෙන් වාර්තා වේ.

ත්සුකූබා එක්ස්ප්‍රස් ලයින් විසින් මෙලෙස සමාව අයැද ඇත්තේ ත්සුකූබා අගනුවර හා ටෝකියෝ අගනුවර අතර ධාවනය වූ දුම්රියක් තත්ත්පර 20ක් කලින් ගමන් ඇරඹීම හේතුවෙනි.

එහි කාර්ය මණ්ඩලය විසින් නිසි ලෙස පිටත්වන වේලාව යළිත් සොයාගැනීමට අපොහොසත් වී ඇති බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේවෙතත්, කිසිඳු මගියෙකු විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර නොමැත.

එසේ වුවද, නියමිත වේලාවට වඩා වෙනස් වේලාවකට ජපානයේ දුම්රියක් ගමන් අරඹන අවස්ථා ඉතා දුර්ලභය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top