Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 24, 2017

රැහැයි පාන්

ලොව ආහාර අර්බුදය විසඳීමේ අරමුණෙන් ෆින්ලන්තයේ බේකරියක් විසින් වෙනස් ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කර තිබේ.

ඒ වේලා කුඩු කරගත් රැහැයියන් මිශ්‍ර කළ පාන් වර්ගයක් හඳුන්වාදෙමිනි. මෙම රැහැයියන් නෙදර්ලන්තයෙන් ආනයනය කර තිබේ.

Fazer නම් බේකරිය විසින් හඳුන්වාදෙනු ලැබූ මේ වර්ගයේ සෑම පාන් ගෙඩියකටම කුඩු කරන ලද රැහැයියන් 70ක් ද, පාන් පිටි මෙන්ම තිරිඟු ඇතුළු ඇට වර්ග ද ඇති වී තිබේ.

ලොව පුද්ගලයන් බිලියන 2ක් පමණ කෘමීන් අනුභව කරන බවට වසර 2013දී එක්සත් ජාතීන් ගේ සංවිධානය ඇස්තමේන්තු කර තිබුණි.

මේ වන විට කෘමීන් වර්ග 1,900ක් පමණ ආහාර සඳහා යොදාගන්නා බවද එක්සත් ජාතීන් ගේ සංවිධානය සඳහන් කරයි.

ආහාර සඳහා කෘමීන් විකිණීම සම්බන්ධයෙන් පණවා තිබූ තහනමක් මෙම මාසයේදී ෆින්ලන්තය විසින් ඉවත් කර තිබුණි.

මේ වන විට බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඕස්ට්‍රියාව හා ඩෙන්මාර්කය යන යුරෝපා රටවල ද මේ සඳහා අවසර ලබා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top