15976 BM WEB BANNER 01
Nov 27, 2017

මිනිස් බඩෙන් යකඩ කිලෝ 5ක්!

මිනිසෙකුගේ උදරයෙන් කිලෝ 5ක යකඩ හමුවූ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙලෙස හමුවූ යකඩ අතර, දම්වැලක්, කාසි 263ක්, රැවුල් බාන තල 10-12ක්, වීදුරු කැබලි හා විශාල ඉඳිකටු 4ක් අයත් වේ.

උදරයේ රිදීමක් හේතුවෙන් රෝහල වෙත පැමිණි 32 හැවිරිදි මොහොමඩ් මක්සූද් නැමැත්තාව එක්ස් රේ ඇතුළු පරීක්ෂණ කිහිපයකට භාජනය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් ඔහුව පසුගිය සිකුරාදා දින සැත්කමකට ලක්කර තිබේ.

ඔහුට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් පවසා ඇත්තේ මොහොමඩ් විසින් මෙම දේවල් රහසිගතව ගිල ඇති බවත්, එම අවස්ථා වලදී ඔහු යහපත් මානසිකත්වයක නොසිටි බවත්ය.

මේ වන ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබමින් යහපත් තත්ත්වයේ පසුවන බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top