15976 BM WEB BANNER 01
Nov 28, 2017

හැරී-මේගන් වසන්ත විවාහය අප්‍රේල් වල නෙමෙයි?

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මේගන් මාකල් සමග විවාහ වීමට නියමිත බව ක්ලැරන්ස් හවුස් මන්දිරය ඊයේ (27) නිවේදනය කර තිබුණි.

ඔටුන්නට හිමිකම් කියන රාජකීය පවුලේ සාමාජිකයන් අතර පස්වෙනි ස්ථානයේ පසුවන හැරී කුමරු ඇමරිකානු නිළියක වන මේගන් මාකල් සමග මීළඟ වසන්තයේ දී අතිනත ගනු ඇත.

විවාහ ගිවිසගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා කෙන්සින්ටන් මාලිගයේ සන්කන් උද්‍යානයේදී මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිට ඇත. මේගන් ගේ විවාහ ගිවිසගැනීමේ මුදුව නිර්මාණය කර ඇත්තේ හැරී කුමරු විසිනි. එහි ඇති ප්‍රධාන දියමන්ති මැණික දෙදෙනාගේ ආදර අන්දරයේ සුවිශේෂී මතක සටහන් ඇති බොට්ස්වානාවෙන් ලබාගත්තක් වන අතර, අනෙකුත් දියමන්ති ඔහු ගේ දිවංගත මව වන ඩයනා ආර්යාවගේ පෞද්ගලික ආභරණ එකතුවෙන් ලබාගත්තකි.

කෙසේවෙතත්, ඔවුන් ගේ විවාහය අප්‍රේල් මාසයේ නොපැවැත්වෙනු ඇති බව බොහෝදෙනාගේ මතයයි. මීට හේතුව වනුයේ හැරී කුමරු ගේ නෑනන්ඩිය වන කේට් ආදිපාදරිය ගේ තෙවැනි දරු උපත අප්‍රේල් මාසයේදී සිදුවීමට නියමිත බැවිනි.

Harry Meghan1

Harry Meghan2

Harry Meghan3

Harry Meghan4

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top