15976 BM WEB BANNER 01
Dec 05, 2017

ට්‍රම්ප් ගේ තහනමට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් 6කට එරෙහිව පනවන ලද සංචාරක තහනමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ.

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අනුමැතිය ලබා දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් එරට පහළ අධිකරණය මගින් මීට පෙර පැනවූ වාරණ නියෝගය අහෝසි කරමිනි.

විනිසුරුවරුන් 9 දෙනෙකුගෙන් 7 දෙනෙකු ම සංචාරක තහනම බලාත්මක කළ යුතු බව නියෝග කළ අතර ඊට එරෙහි වූයේ, විනිසුරුවරුන් දෙදෙනෙකු පමණි.

මේ අනුව, චැඩ් රාජ්‍ය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනයේ සිට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් නීතිමය අභියෝගයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top