Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 06, 2017

ට්‍රම්ප්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනියි?

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස සැලකනු ඇති බවට ඇමෙරිකාවේ ජේ‍යෂ්ට බලධාරීන් පවසන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම පුවත වාර්තා වන්නේ අද (06) දින පැවැත්වීමට අපේක්ෂිත ට්‍රම්ප් ගේ කථනයකට පෙරාතුවය.

කෙසේවෙතත්, නිලධාරීන් පවසා ඇත්තේ ට්‍රම්ප් විසින් එකවරම ටෙල් අවිව් වල පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු නොකරනු ඇති බවයි.

ඊශ්‍රායලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, ජෙරුසලමට මාරු නොකරන මෙන් මීට කලින් අරාබි නායකයන් විසින් ඇමෙරිකාවට අනතුරු අඟවා තිබුණි.

‍ට්‍රම්ප් විසින් නිල වශයෙන් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගතහොත්, එසේ පිළිගත් පළමු රට බවට ඇමෙරිකාව පත්වනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top