Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 02, 2018

ජීවිත බිලිගන්නා අවුරුදු කෑම

නව වසර පිළිගැනීමට විවිධ රටවල් විවිධ චාරිත්‍ර අනුගමනය කරයි. මේ අතරින් නව වසර වෙනුවෙන් පිළියෙළ වන විශේෂිත ආහාර වර්ග වලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි.

මොචි යනු ජපානයේ නව වසර සැමරීමට පිළියෙළ වන එවැනි විශේෂ ආහාරයකි. නව වසර සැමරීමට පිළියෙළ කෙරුණද, මෙම ආහාරය සෑම වසරකම ජීවිත කිහිපයක් බිලිගනියි.

තැම්බූ බත් පොඩි කර බෝල හැඩ වලට සාදාගන යළිත් තම්බනු හෝ බේක් කරමින් මොචි සාදාගනු ලබයි. ජපන් පවුල් සාම්ප්‍රදායිකව නව වසර සමරනු ලබන්නේ එළවළු සුප් එකකට දමා මොචි රත් කරමිනි.

කෙසේවෙතත්, ඉතා ඇලෙන සුළු කෑමක් වන මෙය අනුභව කිරීමට අපහසු අතර, මෙය සිරවී මේ වසරේද පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තව කිහිපදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තා සදහන් කරයි. මෙම ආහාරය වඩාත් අනතුරුදායක වන්නේ කුඩා ළමුන්ට හා වියපත් වූවන්ටය.

මෙලෙස මොචි සිරවී රෝහල්ගත කරන 90%ක් වයස 65ට වැඩි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 99431380 gettyimages 503005132

තෝක්යෝ ආගමික ස්ථානයක මොචි සාදන අයුරු

 99431372 gettyimages 2812525
මොචි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top