Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 05, 2018

විශේෂ දස්කම් ඇත්නම් චීනයෙන් දිගු කාලීන වීසා

විදෙස් රටවල වෙසෙන අතිදක්ෂ පුද්ගලයන් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර ලබාදීමට චීනය සූදානම් වන බව වාර්තා වේ.

මෙවැනි පුද්ගලයන් හට වසර 5-10 අතර කාලයක් සඳහා බහු ප්‍රවේශ වීසා (Multiple entry visa) ලබාදෙන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

තාක්ෂණික ක්ෂේත්‍රයේ නායකයන්, ව්‍යවසායකයන්, විද්‍යාඥයන්, ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්,ඉහළ තලයේ විදෙස් විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් ඇතුළු විශේෂ දක්ෂතා හා හැකියාවන් ඇති පුද්ගලයන් හට මේ සඳහා අයැදුම් කළ හැකි වේ.

වීසා ලැබූ පසු එක් වාරයකදී දින 180ක් පමණ එකදිගටම චීනයේ රැඳී සිටීමටත් සිය සහකරු / සහකාරිය හා දරුවන් ද කැටුව ආ හැකි බවත් චීනය රජය පවසා ඇත.

මේ අනුව විදේශිකයන් 50,000කට පමණ මෙම අවස්ථා හිමිවනු ඇති බවත්, අන්තර්ජාලය ඔස්සේ නොමිලේ අයැදුම් කළ හැකි බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top