Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 09, 2018

උතුරු-දකුණු කොරියානු සාකච්ඡා ඇරඹෙයි

උතුරු හා දකුණු කොරියාව අතර ඉහළ තලයේ සාකච්ඡා ආරම්භ කර තිබේ.

මේ දෙරට අතර දෙවසරක කාලයක් තුළදී ආරම්භ වූ පළමු සාකච්ඡා වටයයි.

පන්මුන්ජොම් ගම්මානයේ සාම නිවහනේදී පැවැත්වෙන මෙම සාකච්ඡා මගින් අන්තර්-කොරියානු සබඳතා වර්ධනය වනු ඇතැයි දකුණු කොරියාවද පවසයි.

මෙහිදී සාකච්ඡාවට බඳුන් වන එක් කරුණක් වන්නේ ලබන මාසයේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත 2018 සීත ඍතු ඔලිම්පික් තරගාවලිය සඳහා උතුරු කොරියාවේ සහභාගීත්වයයි.

දෙරට අතර අවසන් වරට සාකච්ඡා පැවැත්වුනේ 2015දී ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top