Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 11, 2018

ගංවතුරෙන්, මඩෙන් කැලිෆෝනියාවේ 17ක් මරුට

දකුණු කැලිෆෝනියාවේ අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ "ඉණවටක්" මඩ හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබේ.

සැන්ටා බාබරා ප්‍රාන්තයෙන් තුවාල ලැබුවන් 28 දෙනෙකු වාර්තා වන අතර, නිවාස 100ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. තවත් නිවාස 300කට පමණ හානි සිදුවී තිබේ.

පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මේ වන විට බේරාගෙන ඇති නමුත් බොහෝ ප්‍රදේශ වලට සහන සේවකයන් හට තවමත් සමීප විය නොහැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය මාසයේ ඇති වූ ලැව්ගිනි මෙන්ම මෙම ගංවතුර සහ පස්කඳු කඩාවැටීම හේතුවෙන් කිලෝමීටර 48කට වඩා දිගින් යුත් මුහුදුබඩ මාර්ගයක වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

අනතුරටපත් පුද්ගලයන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති බවත් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් හදිසි සහන සේවකයෝ පවසති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top