Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 16, 2018

කළු මරණයට හේතුව මිනිසුන්?

දාහරවැනි ශතවර්ශයේ සිට 19 වැනි ශතවර්ෂය දක්වා මධ්‍යම යුරෝපයේ වසංගතයක් ලෙස පැතිර ගිය කළු මරණය (black death) ට හේතුවී ඇත්තේ මීයන් නොවන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

මීට පෙරාතුව මෙම වසංගතයට හේතුකාරකය ලෙස හඳුනාගෙන තිබුණේ මීයන් හා ඔවුන්ගේ සිරුරු වල සිටින මැක්කන් ය.

මේ සම්බන්ධයෙන් නව අධ්‍යයනයක් සිදුකළ ඔස්ලෝ හා ෆෙරාරා විශ්ව විද්‍යාල වල පර්යේෂකයන් කණ්ඩායමක් පවසා සිටින්නේ මිනිස් සිරුරු වල සිටි උකුණන් හා මැක්කන් වැනි පරපෝෂිත සතුන් ද මෙම වසංගතයට විශාල වශයෙන් හේතුවී ඇති බවයි.

යුරෝපයේ නගර 09ක ඇති වූ මෙම වසංගත තත්ත්වයන් පැතිරුණු රටාව හා ප්‍රමාණය පිළිබඳ වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර, රෝගකාරක ලෙස මීයන්, වාතය මෙන්ම මිනිස් සිරුරු හා ඇඳුම් මත වෙසෙන උකුණන් හා මැක්කන් යොදාගනිමින් රෝගය පැතිරයාමේ ආකෘති ත්‍රිත්වයක් ගොඩනැගීමට ඔවුන් කටයුතු කර තිබේ.

මේ ආකාරයට නගර 7කම රෝගය පැතිරගිය ආකාරය සලකා බැලූ විටදී, ඊට හේතුව ලෙස මිනිසුන් මත වෙසෙන පරපෝෂිතයන් මත තැනුනු ආකෘතිය වඩාත් ගැලපෙන බව පර්යේෂකයන් පවසයි.

වසර 1347 - 1351 දක්වා කාලය තුළදී යුරෝපය පුරා පැතිර ගිය මෙම ‘කළු මරණය’ වසංගතයට ජීවිත මිලියන 25ක් බිලිවූ බවට ඇස්තමේන්තු කර ඇති අතර, මෙය එවකට යුරෝපයේ සිටි ජනගහනයෙන් 1/3කට වැඩි වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top