Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 17, 2018

තමිල්නාඩුවේ තිදෙනෙක් ජල්ලිකට්ටු වලට බිලි!

මේ දිනවල යළිත් පැවැත්වෙන ජල්ලිකට්ටු ක්‍රීඩාවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මීට අමතරව තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙහිදී ගවයා ගේ සිරුරේ එල්ලී එම සත්ත්වයාගේ අං වල ගැටගසා ඇති තෑගි ගලවාගැනීමට ක්‍රීඩකයන් උත්සහයක යෙදෙයි.

සත්ත්ව හිංසන චෝදනා මත ජල්ලිකට්ටු ක්‍රීඩාව තහනම් කිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2014දී තීන්දු කළ නමුත්, මීට එරෙහිව තමිල්නාඩුව පුරාවට පැතිර ගිය විරෝධතා වලින් අනතුරුව පසුගිය වසරේදී එම තහනම ඉවත් කරනු ලැබුණි.

මේ අනුව මේ වසරේ ජල්ලිකට්ටු ක්‍රීඩාව පුළුල්ව පැවැත්වෙන්නේ දෙවසරකට අනතුරුවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top