Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 17, 2018

ජපානයේ බුරන දුම්රිය

මුවෙකුගේ ශබ්දය හා බල්ලෙකු බුරන ශබ්දය පිට කරන දුම්රියක් පිළිබඳව ජපානයෙන් වාර්තා වේ.

තෝක්යෝවේ අසාහි පුවත්පත වාර්තා කරන අන්දමට මෙම පියවර ගෙන ඇත්තේ දුම්රිය පීලි දෙසට ඇදෙන මුව රංචු හේතුවෙන් සිදුවන සත්ත්ව මරණ අවම කරගැනීමේ අරමුණෙනි.

එරට දුම්රිය තාක්ෂණික පර්යේෂණ ආයතනය (Railway Technical Research Institute) පවසන ආකාරයට මෙම දුම්රිය විසින් මුලින්ම මුවෙකු නාසයෙන් හුස්ම පිට කරන ශබ්දයක් තත්ත්පර 3ක් පුරාවට විකාශය කරයි. එමගින් රේල්පීලි අසල සිටින මුව රංචු වල අවධානය ලබාගැනීමෙන් අනතුරුව බල්ලන් බුරන හඬක් තත්ත්පර 20ක් පුරාවට විකාශය කරමින් ඔවුන්ව පලවා හරියි.

මුව රංචු ගැවසෙන ප්‍රදේශ වල රාත්‍රී කාලයේදී මේ අයුරින් සිදුකළ පරීක්ෂණ සාර්ථක බව පර්යේෂකයන් පවසයි.

මෙලෙස මුව රංචු රේල්පීලි කරා ඇදී එන්නේ සිය ආහාර වේලේ යකඩ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට ය. ඝට්ටනය හේතුවෙන් පීලි වලින් කැඩී යන සියුම් යකඩ කැබලි ඔවුන් ආහාරයට ගනියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top