Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 24, 2018

ඇෆ්ගනිස්තානයේ ‘සේව් ද චිල්ඩ්රන්’ කාර්යාලයට ප්‍රහාරයක්

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් නුවර පිහිටි ‘සේව් ද චිල්ඩ්රන්’ සංවිධානයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මරාගෙන මැරෙන කාර් බෝම්බයක් යැයි සැකකෙරන පිපිරීමකින් මෙම ප්‍රහාරය ආරම්භ වී ඇති බවත්, මේ වන විටත් කාර්යාලයේ ඉහළ මහල් වලින් වෙඩි හඬ ඇසෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වන විට 11 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත්, තවමත් කිසිඳු සන්නද්ධ සංවිධායක් විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top