Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 29, 2018

බොරු කකුලෙන් එවරස්ට් ගිය කෙල්ලට වන්දි

දුම්රියක් තුළ සිදුවූ අනතුරකින් සිය පාදය අහිමි වූ කඳු තරණය කරන ඉන්දීය කාන්තාවයක් හට වන්දි ලබාගැනීමට සිදුකළ සටනක් ජයගෙන තිබේ.

වසර 2011 දී ධාවනය කරමින් තිබුණු දුම්රියකින් ඇයව පිටතට විසි කිරීමට සොරු කල්ලියක් තැත්කිරීමත් සමග අරුණිමා සිංහා නමැති මෙම කාන්තාව හට සිය පාදය අහිමි වී ඇත. සත්වසරක් පුරා පැවති නීතිමය ගැටුමකින් පසුව මෙය ඔප්පු කිරීමට ඇගේ නීතිඥවරුන් සමත් වී තිබේ.

මීට පෙර, ඇය ප්‍රවේශපත්‍රයක් සමග මෙම දුම්රියේ ගමන් කළ බව පිළිනොගත් ඉන්දීය දුම්රිය සමාගම, මෙම අනතුරට ඇගේ වරදින් සිදුවූ බවට ද පවසා තිබුණි.

කෙසේවෙතත්, ඉහත නියෝගය සමග ඉන්දීය දුම්රිය සමාගම අරුණිමා හට ඉන්දීය රුපියල් 700,000ක වන්දියක් ගෙවිය යුතු වේ.

මුලින්ම වොලිබෝල් ක්‍රීඩිකාවක් වූ අරුණිමා පසුකාලීනව කඳු තරණය කිරීමට යොමුවිය.

අනතුරට ලක්වී පාදය අහිමිවුවත් ඇය සිය උත්සහය අත්හැරියේ නැත. එවරස්ට් කන්ද තරණය කිරීමට සමත් වූ පළමු ඉන්දීය ආබාධිත කාන්තාව වීමට ඇය 2013 දී සමත් විය. සිය ජයග්‍රහණයෙන් අනතුරුව බීබීසී ලෝක සේවය වෙත අදහස් දැක්වූ අරුණිමා පවසා තිබුණේ සිය කෘතිම පාදය තම ශක්තිය කර ගත් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top