Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 30, 2018

දූෂණය වූ අටමස් හැවිරිදි දැරියට අසාධ්‍යයි!

අටමස් හැවිරිදි දරුවෙකු සිය ඥාති සහෝදරයෙකු අතින් දූෂණයට ලක්වූ ඛේදනීය පුවතක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරින් වාර්තා වේ.

මේ වන විට පැය තුනක සැත්කමකට භාජනය කර ඇති මෙම දැරියගේ තත්ත්වය බරපතල බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සැකකාර ඥාති සහෝදරයා දෛනික වේතන ලබන කම්කරුවෙකු වන 28-හැවිරිදි පුද්ගලයෙකු වන අතර, මේ වන විට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවේ.

මෙම දැරියගේ දෙමාපියන් රැකියා සඳහා පිටත් වීමේදී දැරියව සිය නිවසට පහළ මාලයේ තිබෙන ඥාති නිවෙසක නවතා යන බවද, ඉරිදා දින රැකියාව අවසන් වී නිවෙසට පැමිණි මවට දක්නට ලැබී ඇත්තේ ලිංගාශ්‍රිත ප්‍රදේශයෙන් රුධිරය ගලමින් වේදනාවෙන් කෑ ගසන සිය දරුවාය. දැරියව වහාම රෝහල්ගත කිරීමට ඇගේ දෙමාපියන් කටයුතු කර ඇති අතර, ඇගේ අභ්‍යන්තර අවයව වලට දැඩි හානි සිදුවී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කාන්තාවන් සඳහා වූ දිල්ලි කොමිසමේ ප්‍රධානී - ස්වාති මලිවාල් මහත්මිය ටිවිටර් පණිවිඩයක් මගින් අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලා ඇත්තේ දේශයේ ගැහැණු දරුවන් සුරැකීමට වඩාත් තද නීති හා තවත් පොලිස් සම්පත් අවශ්‍ය බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top