Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 02, 2018

කැස්ත්‍රෝ පුත්‍රයා සියදිවිහානි කරගනී

කියුබානු ව්ප්ලවයේ තරුව වන ෆිදෙල් කැස්ත්‍රෝ ගේ වැඩිමහල් පුත්‍රයා වන ෆිදෙල් ඇන්ජල් කැස්ත්‍රෝ සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ.

විෂාදයෙන් පෙළුනු ඔහු ගේ සිරුර ඊයේ දින (01) හමුවූ බව කියුබානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි. ඔහු මාස කිහිපයක් පුරාවට විෂාදය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇතැයි ද එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

අතීත සෝවියට් දේශයේ පුහුණුව ලැබූ ඔහු, න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු විය. මිය යන විට ඔහු කියුබානු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විද්‍යාත්මක උපදේශක ලෙසද කියුබාවේ විද්‍යා ඇකඩමියේ උපසභාපති ලෙස ද කටයුතු කරමින් සිටියේය.

කෘති කිහිපක් රචනා කළ ෆිදෙල් ඇන්ජල් කැස්ත්‍රෝ, ශාස්ත්‍රීය විද්වතෙකු ලෙස ජාත්‍යන්තර අවස්ථා රැසකදී කියුබාව නියෝජනය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top