Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 06, 2018

ගිවිසුම් ගහලා කන්න ඕන 'යකා ගෙ හුස්ම'

හිමකිරම හෙවත් අයිස්ක්‍රීම් යනු පැණිරස ආහාර වලට ලොල් සැම අතර ජනප්‍රිය කෑමකි. එහෙත් එහි සාමාන්‍ය පැණිරසට එහා ගිය හිමකිරමක් පිළිබඳ පුවතකි මේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම හිමකිරම පැණිරස වෙනුවට මිරිස් සැරින් යුක්ත වීමයි.

මෙම අපූරු හිමකිරම ඉතාලි බසින් හැඳින්වෙන්නේ Respiro del Diavolo යන නමිනි. එහි තේරුම වන්නේ 'ඩෙවිල්ස් බ්‍රෙත්' හෙවත් යක්ෂයාගේ හුස්මයි.

ඉතාලි ජෙලාටෝ නිෂ්පාදිතයන් ගේ රහස්‍ය වට්ටෝරුවක් වන මෙය, ඉතාලියේ ඩෙවිල්ස් බ්‍රිජ් නම් ස්ථානයේදී පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික හමුවීම් වලදී නිර්භීතබව පෙන්වීම සඳහා අනුභව කරනු ලැබේ.

මිරිස් වර්ග කිහිපයක් යොදාගෙන නිෂ්පාදනය කරන මෙම හිමකිරමේ සැර, මිරිස් සැර මනින මිනුම් දණ්ඩ වන ස්කෝවිල් මිනුම් දණ්ඩේ තාප ඒකක මිලියන 1.5කට වැඩි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත්, මෙම අපූරු හිමකිරම මේ වන විට ස්කොට්ලන්තයේ ඇල්ඩ්විච් කැෆේ හි අලෙවි කරන අතර, එහි අයිතිකරු වන මාටින් බැන්ඩෝනි පවසන්නේ මෙහි රසබැලීමට බොහෝ දෙනා පැමිණෙන බවයි.

කෙසේවෙතත්, අධික මිරිස් සැර හේතුවෙන් එය රසවිඳීමට නම් වයස අවුරුදු 18ට වැඩි විය යුතු අතර, අනුභව කිරීමට පෙර අත් හැරීමේ ප්‍රකාශයකට අත්සන් තැබීමට ද ඔවුන්ට සිදුවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top