Connect with us

පුවත්

උපකාරක පන්ති ගැන රජයෙන් තීරණයක්

Published

on

උපකාරක පන්ති තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අධ්‍යාපනය පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළ බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව ඇතැයි ද ඔහු පැවසුවේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව, විධිමත් සාකච්ඡාවකින් පසුව විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් රජය දැඩි අවධානයෙන් යුතුව කරන බවත්, කේෂ්ත්‍රයේ පුද්ගලයින් සමග සාකච්ඡා කර ස්ථීරසාර තීන්දුවක් ගැනීමට නියමිත බවය.

පුවත්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට

Published

on

By

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුරගමන් සේවා බස් රථ අනතුරට ලක්වීමේ සිදුවීම් දිනෙන් දින ඉහළයාම නිරීක්ෂණය වීම හේතුවෙන් මෙලෙස බස්රථ විශේෂ පරීක්ෂාව සිදුකරන බවය.

රාත්‍රී කාලයේදී දුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව පොලිස් කොට්ඨාසවලට අයත් තොරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරි කණ්ඩායම් යොදවා මාර්ගයේ ධාවනය වන රථවාහන සහ බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම පොලීසියේ යතුරුපැදි සංචාර ඒකකවල නිලධාරීන් මඟින් මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන බස්රථ පරීක්ෂාවට ලක්කර නීතිය ක්‍රියාත්මක කිරීමටද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Continue Reading

පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

දියේ ගිලීම් 2ක්

Published

on

By

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 12 හා 17 වැනි වියේ පසුවූ මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර,  වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී තිබේ.

ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති බවත්, අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved