Sathosa

Feb 20, 2018

උඩරට මැණිකේ කතාව අකුරු කළ ‘ESSAYS ON CEYLON RAILWAYS’ එළිදකියි

ලංකා ඉතිහාසය පිරික්සීමේ දී, ලංකාවේ දුම්රිය සේවය හෝ දුම්රිය සංස්කෘතිය සම්බන්ධයෙන් ලියවුණු පොතපත හමුවන්නේ ඉතා අඩුවෙනි. ඒ දුලබ කෘති අතර ද බොහෝමයක් ඇත්තේ විදේශීය කතුවරුන් විසින් ලියා තැබූ සටහන් හා කෘතීන්ය. නමුත්, ශ්‍රී ලාංකික ලේඛකයින් විසින් ලියා ඇති එවැනි පොතපත හමුවන්නේ ඉතාම කලාතුරකිනි.

Hemasiri Fernando 02මහජන බැංකුවේ වත්මන් සභාපති හේමසිරි පනාන්දු මහතා විසින් රචිත, ‘එසේස් ඔන් සිලෝන් රේල්වේස්’ කෘතිය මෙරට ග්‍රන්ථකරණයේ අඩුවක් පුරවන්නකි.

වසර 1864 සිට 1964 දක්වා වන සියවසක කාලය තුළ ලංකා දුම්රිය සේවයේ විකාශනය මෙන්ම දුම්රිය තාක්ෂණයේ පරිවර්තනය සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමුකරමින් මෙම කෘතිය රචනා කර තිබේ.

යටත් විජිත යුගයේ ජාතික දුම්රිය සේවයේ නැඟීම හා ව්‍යාප්තිය පිළිබද සාකච්ඡා කෙරෙන ‘එසේස් ඔන් සිලෝන් රේල්වේස්’ කෘතිය බ්‍රිතාන්‍යයන් විසින් දායාද කළ ලංකා දුම්රිය නිපදවීම හා ගමනාගමනයට අදාළ සියලු තාක්ෂණයන් පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර ඇති කෘතියකි.

ලංකා දුම්රිය සේවයේ වගකීම් ඉසිලූ දුම්රිය පරිපාලකයින් දුම්රිය සේවාව ඒ ඒ යුග වලදී මුහුණ පෑ අභියෝගයන් හා සංවර්ධනය පිළිබඳව එහි සඳහන් කර ඇත.

දුලබ සේයාරූ සහ දත්ත සටහන්වලින් යුත් මෙම කෘතිය පර්යේෂණ හා ආයෝජන කෘතියක් යැයි පැවසිය හැක්කේ එය විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුවලින් පොහොසත් බැවිනි. එමෙන්ම කතුවරයා අතීත අත්දැකීම් පාඨකයා වෙත සජීවීව සන්නිවේදනය කිරිමට උත්සහ කර ඇත.

මහජන බැංකුවේ මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කීර්තිමත් සේවාවක් ඉටු කරමින් සිටින හේමසිරි ප්‍රනාන්දු මහතා, දුම්රිය සම්බන්ධයෙන් දැඩි ඇල්මක් දක්වන්නේ තමාගේ විනෝදාංශය ලෙසයි.

ඔහු විසින් පිළිවෙලින් 2013 හා 2014 වසරවල දී ලියා පල කළ ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය සහ ‘ද ඌව රේල්වේ - රේල්වේ ටු ද මූන්’ යන කෘති දෙක ලංකාවේ දුම්රිය සේවය හා දුම්රිය සම්බන්ධයෙන් ලියා ඇති අග්‍රගන්‍ය පර්යේෂණ කෘති දෙකක් ලෙස සැලකෙයි.

Page Cover 01

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top