"සංසාර සිහිනේ" උපත ගැන ඇය කියන්නේ මෙහෙම කතාවක්,
"මේක මගේ මිතුරියකගේ අත්දැකීමක්. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ දවසක් බස් එකෙන් ගෙදර එන අතරතුර මම ඒ මිතුරියගේ කතාව මට දැනුන විදිහට ටැබ් එකේ ටයිප් කරමින් ආවා. එදා මගේ හිතට ආපු ඒ වචන ටික තමයි අද ලංකාවේ ජනප්‍රියම ගීතයක් බවට පත්වෙලා තියෙන්නේ.ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ "සංසාර සිහිනේ" කියන ගීතය තේමා කරගෙන ලියන නවකතාවක පරිච්ජේද කිහිපයක්ම මම මේ වනවිටත් අවසන් කරලා තියෙනවා. මේ කතාව සම්පූර්ණ කරලා මගේ ප්‍රථම නවකතාව විදිහට එය එළිදක්වන්නත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා".
එමෙන්ම සනුකගේ හඬින් ගායනා කරන "ඔබ දකින්න බැහැ" කියන ගීතයේ පද රචිකාවියත් උදාරි.
සංසාර සිහිනයේ ගීතයෙන් කියවෙන්නේ අද තියෙන හෙට නැති වෙන ආදරයකට එහා ගිය සංසාරගත පරමාදර්ශී ප්‍රේමයක් ගැන. "සංසාර සිහිනේ" නව කතාව ගීතය වගේම තවත් උන්මාදයක් වනු නොඅනුමානයි.
උදාරි සේවය කරන්නේ හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ උසස් පෙළ තොරතුරු තාක්ෂණය උගන්වන ගුරුවරියක ලෙස. ඇගේ සිසු දරුවන් "අපේ ටීචර් ලියපු ගීතයක්නේ" කියලා බොහොම ආඩම්බරයෙන් ඒ ගැන කතා කරන බවත් උදාරි පවසනවා.