Feb 23, 2018

#USASL70 සැමරීමට වයික්ලිෆ් ගෝර්ඩන් ලංකාවට

අවුරුදු 70ක ඇමරිකා එක්සත් ජනපද -ශ්‍රී ලංකා සබඳතා (#USASL70) සැමරීමට එක්සත් ජනපද තානාපති කාර්යාලය හා සංගේදනීය ඇමරිකානු ජෑස් සංගීතඥ වයික්ලිෆ් ගෝර්ඩන් විසින් ප්‍රසංග මාලාවක් හා මාස්ටර්ක්ලාස් කිහිපයක් ලංකාවේදී පවත්වනු ලැබේ.

වයික්ලිෆ් හා ඔහුගේ ජාත්‍යන්තර සංගීත කණ්ඩායම පබරවාරි 24 සිට 28 දින දක්වා ශ්‍රී ලංකාගේ සංචාරය කරනු ඇත.

මහජනයා විසින් නොමිලේ පැවැත්වෙන සංදර්ශන මෙසේය :

2018 පෙබරවාරි 24, කොළඹ
ප.ව. 12.30 කොළඹ කොටුව දුම්රිය ස්ථානය
ප.ව. 5.00 කොළඹ ගාලු මුවදොර පිටිය
ප.ව. 6.30 කොළඹ විහාර මහාදේවි උද්‍යානය

2018 පෙබරවාරි 26, කොළඹ
ප.ව. 12.30 ඕලන්ද රෝහල, ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට
ප.ව. 4.00 වෑකන්ද පාර, කොළඹ 2

2018 පෙබරවාරි 27, ගාල්ල
ප.ව. 5.00 ගාලු කොටුව

සුප්‍රසිද්ධ‍ සංගීතඥයෙක්,සංගීත රචකයෙක් හා සංගීතය මෙහෙයවන්නෙක් වන වයික්ලිෆ්,වින්ටවන් මාසලිස් වාදක සත් කට්ටුවේ සාමාජිකයක්ද, ලින්කන් මධ්‍යස්ථානගේ ජෑස් වාද්‍ය වෘන්දගේ ආරම්භක සාමාජිකයෙක්ද වේ. ඔහුගේ “Jazz a la Carte” ප්‍රසංගය ජෑස් ඉතිහාසගේ හොඳම අවස්ථා පහෙන් එකක් ලෙස වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත විසින් නම් කර තිබේ. වර්තමානගේ ඔහු ජෝර්ජියා රීජන්ට්ස් විශ්වවිද්‍යාලගේ නේවාසික කලාකරුවෙකු ලෙස ද කටයුතු කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top