මේ වන විට දේහය බෙහෙත් ගැල්වීම් කටයුතු සඳහා රැගෙන ගොස් ඇති අතර එය අද පෙරවරු 9.30 සිට 12.30 දක්වා ලෝක්නද්වාලා හි පිහිටි ඇගේ නිවස අද්දර උත්සව ක්‍රීඩා සමාජ ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත. අද පස්වරු 2.30ට එය විලේ පාර්ලේ සේවාසමාජ් ආදාහනාගාරය වෙත ගෙන යනු ඇත.
අද දහවල් දේහය අවසන් ගෞරව සඳහා තැන්පත් කර තැබෙන අවස්ථාවේ එම ශාලාව තුළ විඩියෝ ගත කිරීම් සහ පටිගත කිරීම් සඳහා අවසර ලබා දී නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට ලක්ෂ ගණනක පිරිසක් පොරකමින් සිටින බැවින් එම ජනතාව හසුරුවා ගැනීම සඳහා පොලිසියේ විශේෂ සැළසුම් ක්‍රියාත්මක කොට ඇත.
ශ්‍රීදේවිගේ අවසන් කටයුතු ඊයේ (සඳුදා) සිදු කිරිමට නියමිතව තිබුණද ඇගේ හදීසි මරණය පිළිබඳ ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ නිමා වන තුරු ඇගේ දේහය ඥාතීන්ට බාර නොදීම හේතුවෙන් අවසන් කටයුතු අද දක්වා කල් තැබීමට සිදුවිය.