Pasidol
Sathosa Ad Final Sinhala
Mar 05, 2018

ලක්ෂ්මන්, සඳ කිණිති නැමී සමග 17 දා !

ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර ස්වකීය අතිශය ප්‍රථම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය, `සඳ කිණිති නැමී`, මාර්තු 17 සවස 7.00 ට නෙළුම් පොකුණ රඟහලේදී පවත්වයි.

ලක්ෂ්මන් විජේසේකර යනු හැත්තෑව දශකයේ නැග ආ ගායන පරම්පරාවේ, දක්ෂතමයෙකි. සිය ගණනින් ගී නොගැයුවත්, නම කී පමණින් රට හඳුනන, මිහිරි ගී ගයන ගායකයෙකි. ශ්‍රී ලාංකේය සංගීත රසික රසිකාවන්ගේ හදවතේ ලැගුම් ගත්, ආදරණීය ප්‍රවීණයෙකි.

ඔහු ගැයූ මිහිරි ගී අතර මිහිරිතම ගී පොකුර මේ ප්‍රසංගයේදී දිගහැරෙයි. ඔහු සමග ගී ගැයූ ගායිකා හඬවල් සියල්ල ම පාහේ මේ ප්‍රසංගයේදී රැව්දෙයි. ලක්ෂ්මන් විජේසේකර සුගායනය සමග නිර්මලා රණතුංග - සමිතා එරන්දතී මුදුන්කොටුව - ප්‍රදීපා ධර්මදාස යන ශිල්පිනියන්ගේ කිංකිණි රාව මුසු වෙයි. චන්ද්‍රලේඛා පෙරේරා නියෝජනය කරමින් ඇගේ දියණියක වන වින්ඩි ගුණතිලක ගී ගයයි.

මේ සුවිශේෂී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. දිවයිනේ දැනට සිටින දක්ෂතම ශිල්පීන්ගෙන් වාද්‍ය වෘන්දය සමන්විත වනු ඇත.

28576634 579322972428342 1688277465316493456 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top