සම්මාන උළෙලෙන් පසුව පැවති ‘ගවර්නර්ස් බෝල්’ නම් නිල භෝජන සංග්රහය අතරතුරේදී මෙම සොරකම සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් මෙම භෝජන සංග්රහයට ආරාධනා ලැබූ ටෙරී බයිරන්ට් නම් 47 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු පසුව ඇමෙරිකානු ඩොලර් 20,000ක ඇපයක් මත පසුව මුදාහැරුණි.
මේ වන විට නැති වූ සම්මානය යළි හමුවී තිබේ. ෆ්රැන්සස් හට මෙම සම්මානය හිමිවූයේ ‘ත්රී බිල්බෝඩ්ස් අවුට්සයිඩ් එබින්, මිසූරි’ යන චිත්රපටයේ ඇගේ රංගනය සඳහාය.