Pasidol
Sathosa Ad Final Sinhala
Mar 08, 2018

ගූගල් පිංතූරේ අපේ කෙල්ලක්ගේ පින්සල් පාරවල් !

ලොව ජනප්‍රියම සෙවුම් යාන්ත්‍රණයක් වන ගූගල් හි මුල් පිටුවේ විටින් විට පළ වන ’ගූගල් ඩූඩල්’ (Google Doodle) නිර්මාණ, මේ වන විට ලොව විවිධ දිනවල විශේෂත්වයන් පිළිබඳ කලාත්මක සැමරුම් බවට පත් වී අවසන් ය.

අද (08) ලොව පුරා සමරනු ලබන කාන්තා දිනය වෙනුවෙන්ද ගූගල් සමාගම විසින් විශේෂ ’ගූගල් ඩූඩල්’ නිර්මාණයක් එක්කර තිබේ. ලොව චිත්‍ර ශිල්පිණියන් 12 දෙනෙකු විසින් ඔවුන් ගේ සමාජ වල දක්නට ලැබෙන සුවිශේෂී කාන්තා චරිත නිරූපණය කරන චිත්‍රකතා 12ක් මේ සඳහා එක්කර තිබේ.

මෙම නිර්මාණ අද මධ්‍යම රාත්‍රිය වන තෙක් දැකබලාගත හැකි වේ.

මෙලෙස එක් කරඇති ’ගූගල් ඩූඩල්’ නිර්මාණයේ තවත් විශේෂත්වයක් වන්නේ ඊට ශ්‍රී ලාංකිකයෙකුද දායකත්වය ලබාදී තිබීමයි.

ඇය ඉසුරි දයාරත්න ය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය, ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ Columbus College of Art and Design හි වැඩිදුර අධ්‍යාපනය ලැබුවාය. කොළඹ ආයතන ගණනාවකම ප්‍රදර්ශනය කර ඇති ඇගේ කලානිර්මාණ, ඇගේ වෙබ්අඩවිය වන http://artofisuri.com හා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම වන https://www.instagram.com/isurimh/ මගින් ද දැකගත හැකිය.

වසර 2018 කාන්තා දිනයේ ’ගූගල් ඩූඩල්’ නිර්මාණයට ඇය විසින් එක්කර ඇත්තේ ‘අරුම පුදුම ආර්ති’ (Aarthi the Amazing) ලෙස නම් කර ඇති චිත්‍රකතාවකි. සිය දරුවන්ගේ දිවි රැකීම සඳහා අපමණ වෙහෙසක් දරා ධෛර්යමත්ව ජීවිතයට මුහුණදෙන ධීවර කාන්තාවකගේ කතාපුවතක් වන ඉසුරි ගේ ‘අරුම පුදුම ආර්ති’ මෙසේය :

Art01

Art2

Art3

Art00

art4

Art5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top