Mar 12, 2018

‘බ්ලැක් පැන්තර්’ ආදායම, බිලිනයක් පන්නයි

මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත් වී ඇති මාවල් සුපිරිවීරයන් ගේ නවතම සිනමා සිත්තම වන ‘බ්ලැක් පැන්තර්’ ඇමෙරිකානු ඩොලර් බිලියනයක අභිබවමින් ආදායම් ලබා ඇතැයි වාර්තා වේ.

මෙම කඩඉම පසුකළ මාවල් සුපිරිවීරයන් ගේ පස්වැනි චිත්‍රපටය ලෙස ‘බ්ලැක් පැන්තර්’ ඉතිහාසයට එක්වේ.

ඩිස්නි සමාගමේ ඇස්තමේන්තුගත ප්‍රවේශපත්‍ර අලෙවියන් අනුව ‘බ්ලැක් පැන්තර්’ මෙම කඩඉම පසුකර ඇත්තේ චිත්‍රපටය එළිදක්වා 26 වැනි දිනයේදීය. චිත්‍රපට පිළිබඳ විවිධ තොරතුරු ලබාදෙන IMDB වෙබ්අඩවියට අනුව ඩොලර් බිලියනයක ආදායම ඉක්මවා යාමට මෙතෙක් සමත් වී අත්තේ චිත්‍රපට 32ක් පමණි.

මෙම චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ප්‍රධාන චරිත වලට රඟපා ඇත්තේ කළු ජාතිකයන් වීමයි.

කළු ජාතික නළු නිළියන් රඟදක්වන චිත්‍රපට ලොවපුරා සාර්ථක නොවනු ඇතැයි මෙතෙක් කල් ප්‍රචලිතව පැවති මතමතාන්තර, ‘බ්ලැක් පැන්තර්’ සාර්ථකත්වය හමුවේ බිඳවැටී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top