Mar 13, 2018

රන්වීර්, සායකට බැහැලා! (ඡායා)

බොලිවුඩ් සිනමා තිරයේ ජනප්‍රිය නළුවෙකු වන රන්වීර් සිං පසුගියදා යළිත් කතාබහට ලක්විය.

ඒ, වෙනස් ආකාරයකට සැරසුනු ඔහු ගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්වීමත් සමගයි.

මෙහිදී ඔහු සැරසී සිටියේ සුදු පැහැති ටීෂර්ට් එකක් සහ කොළ පැහැ දිග සායක්.

රන්වීර් පසුව පවසා ඇත්තේ කාන්තා දිනය සැමරීම වෙනුවෙන් තමා මෙලෙස සායකින් සැරසුනු බවයි. සායකින් සැරසී සිටියද ඔහු ඉතා විනෝදයෙන් සිය රසික රසිකාවියන් සමග ඡායාරූප වලට පෙනී සිටියේය.

මේ වන විට රූගතකරමින් පවතින Gully Boy චිත්‍රපටයේ හි අධ්‍යක්ෂ Zoya Akhtar විසින් සිය නිෂ්පාදන කණ්ඩායමේ සියලුම පිරිමි, ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 08 දිනයේදී සායකින් සැරසිය යුතු යැයි යෝජනා කර තිබෙන අතර, ඒ අනුව කැමරා, ආලෝකකරණ සහය ශිල්පින් ඇතුළු සියලුම සාමාජිකයින් එදින සායකින් සැරසී සිටි බව විදෙස් වාර්තා සඳහන් කර තිබුණි.

ranveer cover

ranveer cover 1

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top