ඒ, සිනමා ප්‍රේක්ෂකයන් අතර අතිජනප්‍රිය වූ මධුරිගේ නර්තන ජවනිකාවක් වූ ‘ඒක් දෝ තීන්’ ගීතයේ ප්‍රතිනිර්මාණයක් ඇතුළත් ‘බාගි 2’ (Baagi 2) චිත්‍රපටයේ ජවනිකාවකට නර්තනයෙන් දායක වෙමිනි.
අල්කා යග්නික් ගේ හඬින් මුලින් ගැයුනු ‘ඒක් දෝ තීන්’ ගීය, 1988 දී තිරගත වූ ටෙසාබ් (Tezaab) චිත්‍රපටය වෙනුවෙන් නිමවූවකි.
එදා අල්කා යග්නික් විසින් ගැයූ ‘ඒක් දෝ තීන්’ ගීය, ‘බාගි 2’ චිත්‍රපටය වෙනුවෙන් ගයනු ලබන්නේ ශ්‍රෙයා ගෝෂාල් විසිනි.
මෙම ගීතමය ජවනිකාව පිළිබඳව ජැකලින් පවසන්නේ මෙහිදී තමා මධුරි සමග කරට කර සිටීමට උත්සහ නොගන්නා බවයි.
“ඇත්තටම කිව්වොත් මෙය මධුරි වෙනුවෙන් උපහාරයක්. නිළියක් වශයෙන් මට මේකට දායක වෙන්න ලැබීම ගෞරවයක්. කිසිදිනක මට මධුරි හා සම වෙන්න බෑ… ඒ දේ මං කරන්න උත්සහ කරන්නෙවත් නෑ. ඒ වගේ කෙනෙක්ව අනුකරණය කරන්න බෑ. මධුරි වගේ අය ඉන්නෙ එක්කෙනයි. ඒ මධුරිම තමයි. මේ ඇයට මා පුදන උපහාරයක්,” යැයි ජැකලින් පවසයි.
සජිඩ් නඩියාඩ්වාලා ගේ චිත්‍රපටයක් වන ‘බාගි 2’, යුද හමුදා සෙබළෙකු විසින් සිය හිටපු පෙම්වතියගේ පැහැරගත් දරුවා සොයායන කතාපුවතක්. මාර්තු 30දා තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයට ටයිගර් ෂ්රොෆ් හා දිෂා පටානි රංගනයෙන් එක්වේ.
මධුරි රඟන ‘ඒක් දෝ තීන්’ හි මුල් ගීතයේ හා ජැකලින් රඟන නව ගීතයේ වීඩියෝ පහත දැක්වේ.