Sathosa

Mar 25, 2018

රෑ දවල් වෙහෙසවී සම්මාන රැස්කරයි කූඹියෝ 

රයිගම් ටෙලීස් 2017 සම්මාන උළෙලේදී බොහෝ කතාබහක් ඇතිවූ ජනප්‍රිය සම්මාන අතරේ වැඩි ගෞරවය සහ රසික ප්‍රසාදය හිමිකරගන්නට කූඹියෝ ටෙලිනාට්‍යය සමත්විය.
 
අසංක දොඩංතැන්න නිෂ්පාදනයෙන්, ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණයෙන් සහ ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි තිර රචනයෙන් නිර්මාණය වූ කූඹියෝ කෙටි කලකින් ඉහළ ප්‍රසාදයක් දිනාගත් අතර එහිදී ජනප්‍රියම ටෙලිනාට්‍යය කූඹියෝ සහ ජනප්‍රියම ටෙලිනාට්‍යය නළුවා ලෙසින් කූඹියෝ හී ප්‍රධාන චරිතය හොබවන තුමිඳු දොඩංතැන්න සම්මාන දිනාගන්නා ලදී.
 
ජනප්‍රියම ටෙලිනාට්‍යය නිළිය ලෙසින් දෙවනි ඉනිම ටෙලිනාට්‍යෙය් නයනතාරා වික්‍රමාරච්චි සම්මානය දිනාගන්නා ලදී.
 
විශිෂ්ථම රංග වින්‍යාසය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගන්නට මහේන්ද්‍ර පෙරේරා සහ හොඳම නිළිය ලෙස නදී කම්මැල්ලවීර සම්මාන දිනාගන්නා ලදී.
 
එසේම මෙම අවස්ථාවේ සිය සම්මානය දිනාගනිමින් තුමිඳු දොඩන්තැන්න විසින් දක්වන ලද කෙටි අදහසද දැඩි කතාබහකට ලක්විය. මේ එම ප්‍රකාශ සටහනයි.
"මම විශ්වාස කරන්නේ සම්මානය තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා. මට අනුව නම් සහ මේ සම්මානයට වෝට් කරපු ප්‍රේක්ෂකයන්ට අනුව මේ සිස්ටම් එක හරිම අප්සට්. මම කැමති එක පැත්තකින් මේ රටේ බලය හොබවන ඇමති කෙනෙකුත් සභාව ඉස්සරහා ඉද්දිම මේක කියන්න. මේ සම්මානය විසින් පෙන්වන්නේ මේ අප්සට්, මේ ජරාජීර්ණ, මේ විසඳිය යුතු, මේ ගොඩගන්න බැරි සිස්ටම් එක පිළිබඳ ඔවුනට තියෙන විරෝධය. ඒ විරෝධයේ සංකේතාත්මක සම්මානයක් තමා ඔවුන් විසින් ජනතා ජනප්‍රියම සම්මානයට ඔසවා තබන්නේ.”
 
(අද)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top