Apr 01, 2018

සිනමා කමිටු වාර්තාව බාරගන්න ජනපති කාර්යාලේ ෂෝ එකක් ! Featured

සිංහල සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් යෝජනාවලියක් සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව ලබන 03 වැනිදා (අඟහරුවාදා) ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතව ඇතත් එම වාර්තාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් කමිටුවේ සාමාජිකයන් අතර පූර්ණ එකඟතාවයක් නැති බව වාර්තා වේ.
 
මෙහි කමිටුව කීපවිටක් හමුව ඇති අතර එහිදී බොහෝ සාමාජිකයන් සිය පෞද්ගලික මතයන් එම වාර්තාවට ඇතුළත් කිරීමට උත්සාහ කළ බවද එම කමිටුවේ සාමාජිකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අවසන් වාර්තාව මෙතෙක් සමාජිකයන් වෙත ලබාදී නොමැති බවයි. ඒ අනුව එහි අන්තර්ගත කරුණු මොනවාද යන්න තමා නොදන්නා බවද ඔහු අප සමඟ කියා සිටියේය.
 
ජනාධිපතිවරයා පත්කළ අදාළ කමිටුව චිත්‍රපට සංස්ථාවේ සභාපති, මහාචාර්ය සරත් විජේසූරිය, මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය සෝමරත්න දිසානායක, රවීන්ද්‍ර රන්දෙණිය, චිත්‍රපට අධ්‍යක්ෂකයින්, චිත්‍රපට නිෂ්පාදකයින් හා සිනමා ශාලා හිමියන් ඇතුළත්ව සිටින බව පැවසේ.
 
සෝමේට චෝදනා : ජනපතිට පබ්ලිසිටි ගන්න සනත් ක වැඩක් !
 
කෙසේවුවද, අවසන් වාර්තාව සකස්කර ඇත්තේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහතාගේ අවශ්‍යතා මත බවට එම කමිටුවේ කොටසකගෙන් චෝදනා එල්ලවී ඇති බවද වාර්තා වේ.
 
ජනාධිපතිවරයාට කමිටු වාර්තාව ලබාදීම සම්බන්ධයෙන් උත්සවයක් පැවැත්වීමට ජනාධිපතිවරයාගේ කලා කටයුතු සම්බන්ධ සම්බන්ධිකරණ නිලධනිලධ සනත් වීරසූරිය මහතා කටයුතු කර ඇති බවද පැවසේ.
 
ඔහු මේ සඳහා සිනමාවට සම්බන්ධ 160 දෙනෙකුට ආරාධනා කර ඇති බවද වාර්තා වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top