Sathosa

Apr 02, 2018

“බිග් බෑඩ් වුල්ෆ්” ජුනි වල ලංකාවට

ශ්‍රී ලංකිකයන් අතර අතිජනප්‍රියත්වයට පත්වූ “බිග් බෑඩ් වුල්ෆ්” ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ වසරේ ජුනි මස යළිත් මෙරට ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ( SLECC ) පැවැත්වීමට නියමිතය.

ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය, පසුගිය වසරේදී පළමු වරට මෙරට පැවැත්වුණු අතර, එහි විශේෂත්වය වූයේ ප්‍රදර්ශනය අවසන්වන තෙක් එය 24 පැයේම විවෘත ව පැවැතීමයි.

විවිධ කාණ්ඩ වලට අයත් පොත් රැසක් මෙවර ප්‍රදර්ශනයට එක්වන බවත්, 60% - 80% අතර වට්ටම් ද ලබාගත හැකි බවත් ප්‍රදර්ශන සංවිධායකයන් පවසයි.

සබැඳි පුවත් :
“බිග් බෑඩ් වුල්ෆ්” යළිත් මෙරටට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top