Sathosa

Apr 05, 2018

දිලුම් ගේ අලි චිත්‍රපටයට තෝක්යෝවේ දී ජය (ඡායා)

ශ්‍රී ලාංකිකයෙකු විසින් නිෂ්පාදනය කරන ලද වනජීවී වාර්තා චිත්‍රපටයක් ජපන් චිත්‍රපට උළෙලකදී ජයග්‍රහණය කර තිබේ.

පසුගිය 03 දා තෝක්යෝ හි දී පැවැත්වුණු 2017 ජපන් වනජීවී වාර්තා චිත්‍රපට උළෙලේ දී විශිෂ්ටතම සත්ත්ව හැසිරීම් ඇතුළත් චිත්‍රපටය ලෙස සම්මාන ලැබීමට ‘ද ග්‍රේට් එළිෆන්ට් ගැදරින් ඔෆ් ඒෂියා’ නම් චිත්‍රපටය මෙසේ සමත් විය.

දිලුම් අලගියවන්න ගේ අධ්‍යක්ෂණයක් හා නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය, මින්නේරියේ අලි රංචු රැස්වීම සම්බන්ධයෙන් තැනුනකි.

රටවල් රැසකින් නිර්මාණය වූ චිත්‍රපට 208 කින් තෝරාගත් නිර්මාණ 31 අතරින් මෙම චිත්‍රපටය ජයග්‍රහණය කරගෙන තිබේ.

Dilum1

Dilum2

Dilum3

Dilum4

Dilum5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top