මීට විසි වසරකට පෙර රාජස්තාන් ප්රාන්තයේදී චිත්රපට රූගතකිරීමක් අතරතුරදී නීති විරෝධී ලෙස මුව දඩයමක නිරතවීම සම්බන්ධෙයන් ඔහු වරදකරු බවට අද (05) ජෝද්පූර් අධිකරණය තීරණය කර තිබුණි.
කෙසේවෙතත්, ඔහුට මෙම අධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතියි.
------------------------------
(අවසාන යාවත්කාලීන කිරීම : 2018-04-05 02.32pm)
අනවසර මුව දඩයමට සල්මාන් ඛාන් වරදකරු වෙයි
මීට විසි වසරකට පෙර රාජස්තාන් ප්රාන්තයේදී චිත්රපට රූගතකිරීමක් අතරතුරදී නීති විරෝධී ලෙස මුව දඩයමක නිරතවීම සම්බන්ධෙයන් සුපිරි බොලිවුඩ් තරුවක් වන සල්මාන් ඛාන් වරදකරු ලෙස නියම වී තිබේ.
එම ප්රාන්තයේ සංරක්ෂිත සත්ත්ව විශේෂයක් වන ‘බ්ලැක්බක්’ මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් සල්මාන්, වරදකරු බව අද (05) ජෝද්පූර් අධිකරණය තීරණය කර ඇත.
ඔහුට හිමිවන දඬුවම කුමක්දැයි යන්න පිළිබඳව අධිකරණය තවමත් තීරණය කර නොමැති අතර, ඔහුට වසර 01-06ක් අතර සිරදඬුවමක් නියම විය හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.
‘හම් සාත් සාත් හේන්’ චිත්රපටයේ රූගත කිරීම් සඳහා සල්මාන් සමග රාජස්තාන් ප්රාන්තයේ සිටි තාබු, සයිෆ් අලී ඛාන්, සොනාල් බෙන්ද්රේ හා නීලම් යන ඉන්දීය නළු නිළියන් මීට පෙර සැකකරුවන් ලෙස නම්කර තිබුණත්, අධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබේ.