එම දඩුවම නියමවීමෙන් පසු සල්මන් ජෝද්පුර්හි සිරගෙදරකට රැගෙන ගිය අතර ඔහු එම සිරගෙදර ඊයේ රාත්‍රිය ගත කර තිබෙනවා.
නමුත් ඔහුට ඊයේ රාත්රියේදී සිරගෙදරින් ලබාදුන් චපාති, පරිප්පු සහ ගෝවා ආහාරය ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අද උදෑසන ලබාදුන් තේ කෝප්පය සහ උදේ අහාරයද සල්මන් ප්‍රතික්ෂේප කල බවයි බන්ධනාගාරය භාර ප්‍රධානියා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
මේ අනුව මෙලස දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කළහොත් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර මේ තීන්දුවට එරෙහිව සලමන් ඛාන්ගේ නීතිඥවරුන් ඉහල අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමටයි.
සබැඳි පුවත් :