1951 වසරේ දෙසැම්බර් 21 වනදා ගුවන් විදුලි නාට්‍යයකට හඬ කවමින් ක්ෂේත්රයට පිවිසී රත්නාවලී කැකුණවෙල මහත්මිය, සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ මෙන්ම ගුවන් විදුලි ශිල්පිනියක ලෙසින්ද අතිශය ජනාදරයට පත්වුවාය.
ඇය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ මුවන් පැලැස්සේ මැණිකේ ලෙසිනි.
කැකුණවෙල මහත්මිය මියයන විට 87 වැනි වියේ පසුවූවාය.
ඇයගේ දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25/1, C නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු ලබන සඳුදා සවස 4.00 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.
ප්‍රවීන රංගන ශිල්පිනියක සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල අද අභාවප්‍රාප්ත වුවාය.
Last modified on Sunday, 08 April 2018 09:01
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362