බිලියන 5ක් පමණ නරඹා ඇති මෙම වීඩියෝවේ ආරම්භක රූපයට (cover image) ගිනි අවි අතැතිව වෙස් මූණු පැළඳ සිටින පිරිසකගේ ඡායාරූපයක් යොදා ඇත.
කෙසේවෙතත්, මෙම ගැටළුව විසඳන තුරු මෙම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත්කර තිබේ.
Vevo නම් සංගීත hosting සේවය විසින් යූටියුබ් හි පළ කර ඇති තවත් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ ගීත ද මෙවැනි ප්‍රහාර වලට ලක්ව ඇති අතර, මෙම ප්‍රහාර වලින් ශකීරා, සෙලීනා ගෝමෙස්, ඩ්‍රේක්, ටේලර් ස්විෆ්ට් ඇතුළු සංගීත තරු රැසකගේ වීඩියෝ වල නම් වෙනස් කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ Prosox and Kuroi'sh ලෙස තමන්ව හඳුන්වාගන්නා පිරිසක් විසින් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවය හා අදහස් දැක්වූ යූටියුබ් ප්රකාශිකාවක් පවසා ඇත්තේ Vevo හට අයත් යූටියුබ් චැනල් අතලොස්සක් ඔස්සේ අසාමාන්‍ය ලෙස සිදුවූ මෙම ක්‍රියාවන් හසුවීමෙන්, Vevo සමාගම විසින් නිසි ක්‍රියාමාර්ග ගන්නා තෙක් එම වීඩියෝ ඉවත්කිරීමට ඔවුන් සමග එක්ව පියවර ගත් බවයි.
මේ අතර, Vevo සමාගම ද පවසා ඇත්තේ ප්‍රහාරයට ලක්වූ සියලු වීඩියෝ යථා තත්ත්වයට පත්කිරීමට කඩිනමින් කටයුතු කරන බවත්, එය සිදුවූ අයුරු පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත්ය.
යූටියුබ් වෙත එක්වුණු ජනප්‍රියතම වීඩියෝවක් වන ‘ඩෙස්පසීටෝ’ (Despacito) වීඩියෝව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.
Last modified on Wednesday, 11 April 2018 13:54
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362