Apr 12, 2018

කරන් ජොහාර් ගේ SOTY2 සෙට් එක මෙන්න!

SOTY යන කෙටි නාමයෙන් හැඳින්වුණු ස්ටූඩන්ට් ඔෆ් ද ඉයර් (Student Of The Year) චිත්‍රපටයේ දෙවැන්නේ රූගත කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇත.

කරන් ජොහාර් ගේ ස්ටූඩන්ට් ඔෆ් ද ඉයර් චිත්‍රපටය, නවක නළු නිළියන් ත්‍රිත්වයක් වූ ආලියා භාත්, වරුන් ධාවන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා බොලිවුඩ් තරු බවට පත් කළ අතර, එම චිත්‍රපටයේ ජනප්‍රියත්වයත් සමග SOTY-2 චිත්‍රපටය පිළිබඳව ද රසිකරසිකාවියන් අතර දැඩි උනන්දුවක් පවතියි.

කරන් ජොහාර් ගේ ධර්මා ප්‍රඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කෙරෙන මෙම චිත්‍රපටයට එක්වන ප්‍රධාන නළු නිළි ත්‍රිත්වය මේ වන විටත් නිවේදනය කර තිබේ.

SOTY-2 හි ප්‍රධාන නළුවා ලෙස තෝරාගෙන ඇත්තේ ප්‍රවීණ බොලිවුඩ් නළුවෙකු වන ජැකී ෂ්රොෆ් ගේ පුත්‍රයා වන ටයිගර් ෂ්රොෆ් ය. හීරෝපන්ති, බාගී, බාගී 2 වැනි චිත්‍රපට ඔස්සේ ඔහු මේ වන විටත් ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබේ.

මීට අමතරව මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළියන් ලෙස එක්වන්නේ ටාරා සුටාරියා හා අනන්යා පාන්ඩේ ය.

ටාරා, නර්තන ශිල්පිණයක් හා ප්‍රවීණ ගායිකාවක් වන අතර, නවක නිළියක් වන අනන්යා, බොලිවුඩ් නළු චන්කි පාන්ඩේ ගේ දියණියයි.

කරන් විසින් ට්විටර් ඔස්සේ SOTY-2 ප්‍රධාන නළු නිළි ත්‍රිත්වය හඳුන්වාදී තිබුණේ මෙසේය :

karan1

karan2

karan3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top