Apr 26, 2018

රාජකීය විවාහයට පෙර මේගන් මනාලියක් වූ අයුරු (ඡායා)

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා විවාහ වීමට නියමිත ඇමෙරිකානු නිළියක් වන මේගන් මර්කල් විවාහ වන දසුන් මේ වන විට ඇමෙරිකානු රූපවාහිනියේ විකාශය වී ඇත.

එහෙත් මේ ඇගේ සැබෑ ජීවිතයේ විවාහය නොව, ‘සූට්ස්’ නම් ටෙලි නාට්‍යයේ ඇය මෙතෙක් කල් පණපෙවූ චරිතය වන රේචල් ක්‍රේන් ගේ විවාහයයි.

රේචල් ගේ අතගත් මයික් ගේ චරිතය ද ‘සූට්ස්’ නාට්‍යයේ පෙනී සිටි අවසන් අවස්ථාව මෙයයි. 

මෙතැන් සිට ‘සූට්ස්’ නාට්‍යයට සමුදීමට තීරණය කර ඇති මර්කල්, මැයි 19 දා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා විවාහ වීමට නියමිතය. ඒ වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී ය.

හැරී - මේගන් යුවළ පසුගිය නොවැම්බරයේදී විවාහ ගත් අතර, ඉන්පසුව අදහස් දක්වමින් මේගන් පවසා තිබුණේ සිය ජීවිතයේ නව පරිච්ඡේදයක් ඇරඹීම සඳහා සිය රංගන දිවියෙන් සමුගන්නා බවයි.

meghan markle wedding dress a

suits wedding finale

4B4D278A00000578 5658469 image m 49 1524713022812

4B90233A00000578 5658469 Appropriate Fans of Meghan got a sneak peek of what to expect at m 71 1524717896476

1524161101497

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top