Sathosa

Apr 29, 2018

ලෙස්ටර් සියයට පෙර සමුගනියි !

හෙළ සිනමාවේ පියාණන් ලෙස සැළකෙන ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්තවී ඇත.

සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි.

මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 99කි.

වසර 1956 දෙසැම්බර් 29 වෙනිදා රේඛාව චිත්‍රපටය තුළින් ලෙස්ටර් සිය මහා සිනමා විප්ලවය ආරම්භ කළේය.

ඔහු ඉතිහාසයට එක්ව සිටින්නේ චිත්‍රාගාර තුළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මැවුණු කෘත්‍රිම රූ රටා වෙනුවට සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් ස්වභාවිකත්වය සිනමාවට ආරෝපණය කළ පළමු ලාංකීය සිනමාකරුවා ලෙසය.

සංදේශය, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගොලු හදවත, නිධානය, වෑකන්ද වලව්ව වැනි අනගි නිර්මාණ ලෙස්ටර්ගේ සිනමා චාරිකාවේ මං සලකුණු ලෙස සැලැකේ.

ඡායාරූප - දේවා ජයවර්ධන

LesterJamesPeries 004

LesterJamesPeries 002

LesterJamesPeries 003

LesterJamesPeries 001

LesterJamesPeries 005

LesterJamesPeries 007

LesterJamesPeries 006

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top