අකල් වැස්ස වේදිකා නාට්‍ය හරහා කලා ලෝකයට ප්‍රවේශ වූ වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා රිදී තිරයට පා තබන්නේ 1968 වසරේ තිස්ස ලියනසූරිය මහතාගේ පුංචි බබා සිනමා පටයෙනි.
එතෙක් මෙතෙක් ඇය සිනමා පට 155ක මමණ රඟපා ඇත.
එසේම ඇය දශක පහක පමණ කාලයක් දක්ෂතම නිළිය ලෙසද සම්මානයට පත්රව තිබේ.
2010 වසරේදී මාලනී ෆොන්සේකා යන නාමය, ආසියාවේ හොඳම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් 25 දෙනා අතරට ඇතුළත් විය.
1975 වසරේදී එයා දැන් ලොකු ළමයෙක් සිනමා පටයේ රංගනය වෙනුවෙන් මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේදී ඇය ඇගයීමට ලක්වෙන්නේ ජාත්‍යන්තර ඇගයීමක් ලැබූ මෙරට ප්‍රථම රංගන ශිල්පියා බවට පත්වෙමිනි.
හෙළ සිනමාවේ නිළි රැජිණ, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ 71 වැනි ඡන්ම දිනය අදට යෙදී තිබේ.
Last modified on Monday, 30 April 2018 16:14
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362