මිය යන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.
දිවංගත ප්‍රවීණ ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය පියා ගිය මගම යමින් සංගීත ක්ෂේත්රය තම ජීවන වෘත්තිය කර ගෙන කටයුතු කළ අයෙකි.
සිය පියාගේ ගීත ඒ හඬින්ම ගායනා කිරීමේ සහජ හැකියාවක් තිබූ ප්‍රියන්ත මහතා සංගීත ප්‍රසංග සඳහා නිරතුරු සහභාගී විය.
විදේශ සංගීත ප්‍රසංග සඳහා ද කිහිප වතාවක්ම සහභාගී වී ඇති ඒ මහතා පසුගියදා ඉතාලියේ පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වී සිටියදී හදිසියේ රෝගාතුරවී තිබේ. ඉන්පසු තරමක සුවය ලැබූ ඔහු කළුබෝවිල රෝහලෙන් ප්‍රතිකාර ලබා නිවසට ගොස් සති කිහිපයක් සිටිය දී ඊයේ රාත්‍රී හදිසියේම අසනීප වී නැවත කලුබෝවිලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ බිරිඳ කියා සිටී.
සිය පියාගේ ගීතවලට අමතරව ‘රැල්ලේ මුහුදු වැල්ලේ, නෙරංජලා ආදරේ කාටදෝ‘ ආදී ජනප්‍රිය ගීය රැසක් ඔහු විසින් සිංහල ගීත ක්ෂේත්රයට දායද කරනු ලැබ තිබේ.
දේහය දෙහිවල නැදිමාල 31/1 බෝධිරාජ මාවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන පස් වැනි දා සෙනසුරාදා සවස පහට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (01 දා) රාත්‍රීයේ අභාවප්‍රාප්ත විය.
Last modified on Wednesday, 02 May 2018 10:25
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362